2023 මැයි 03, ප.ව. 8:38
වැලිගම – පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හතරදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිගම පොලිසිය සඳහන් කරනවා.
අද දහවල් මාතර සිට මහනුවර බලා ධාවනය වූ 8039 දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබිය දී වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයේ ගැටි තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ත්‍රිරෝද රථයේ මව සහ එකම පවුලේ දරුවන් 3 දෙනෙකු සහ තවත් ඥාති අයෙකු ගමන් කර තිබෙනවා.
යුද හමුදාවේ සේවය කරන නිවාඩු ලබා පැමිණ සිටි වයස 32ක් වන අයකු විසින් ත්‍රීරෝද රථය පදවා ඇති බවත් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පවසනවා.
මෙම අනතුරෙන් තුවාල ලැබූ වයස 9 දරුවෙකු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර වයස අවුරුදු 7ක් වූ තවත් දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස වැලිගම පැලෑන මෝදරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.
2025 අගෝස්‍තු 04, ප.ව. 3:52
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:51
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:34
2025 අගෝස්‍තු 04, පෙ.ව. 10:01
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10