hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 නොවැම්‍බර් 01, ප.ව. 8:00



අද (1) පෙරවරුවේ බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දී බස් රථයක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරෙන් අසාධ්‍ය තත්වයේ සිටි රෝගීන් ගුවනින් කොළඹට රැගෙන ඒමට ගත් උත්සාහය අසාර්ථක වූ බව ගුවන් හමුදාව පවසයි.

බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම තුවාලකරුවන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යාන මඟින් කොළඹට රැගෙන ඒමට ගත් උත්සාහය මෙසේ අසාර්තක වී ඇත.

ප්‍රදේශයේ පාපන්දු පිටියක ස්තාන ගතකළ හෙලිකොප්ටර් යානා වෙත ගිලන්‍ රථ මාර්ගයෙන් රෝගීන් ගෙන ආ නමුත් අයහපත් කාලගුණය නිසා එමථෙලිකොප්ටර් යානා ගුවන් ගත කිරීමට නොහැකි වූ බව අප වාර්තාකරු පැවසීය.

පසුව තුවාලකරුවන් නැවතත් බදුල්ල ශික්ෂණ රෝහලටම රැගෙන ගිය බව වාර්තා වෙයි.