hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 පෙබරවාරි 13, ප.ව. 12:26



ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර ඇති බව වාර්තා වේ.

ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබේ.

අද දෙරණ වෙත වාර්තා වන පරිදි අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ පිළිබඳව මේ වන විට ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර මෙය “ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්” බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.