hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 9:16



බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ඉදිරි වම් පාදයට දැඩි හානි සිදුව මාස තුනක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතාට අද දිනයේ දී ද Scan හා  X – ray පරීක්ෂණ සිදුකර ප්‍රතිකාර කිරීම සිදු කෙරුණා.

වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් හා අනුරාධපුර වනජීවී කලාප භාර පශුවෛද්‍ය චන්දන ජයසිංහ යන මහතුන්ගේ මූලිකත්වයෙන් වෛද්‍යවරු හා සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා එක් වුණා.

මේ වන විට අග්බො ඇතා අනුරාධපුර , තිරප්පනය – වන්නම්මඩුව වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටින අතර අද පෙරවරුවේදී ඇතාව නිද්‍රාවට පත් කොට පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එම තුවාල විෂබීජහරණය කොට ප්‍රතිකාර කිරීම සිදු කෙරුණා.

අනුරාධපුර කලාප භාර වනජීවී කාර්යාලය පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ ඇතාගේ තුවාල මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත් සම්පූර්ණයෙන්ම සුව අතට පත් වීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවන බවයි.

අද දිනයේ දී ද Scan හා X – ray පරීක්ෂණ වලට අමතරව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඇතාගෙන් රුධිර සාම්පල ලබා ගත් බව ද පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.