hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මාර්තු 21, පෙ.ව. 12:06



අටවන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට් සමාගම අතර ජනාධිපති කාර්යාලයේදී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

දිස්ත්‍රික් 20ක් අතරින් තෝරා ගත් පාසල් 20ක අට ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය සුහුරු පංති කාමර සහ තාක්ෂණික උපකරණ ලබාදීමට කටයුතු කරන අතර අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රසොෆට් ආයතනය සහය ලබාදීමට නියමිතය.

මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මයික්‍රසොෆට් සමාගමේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.