2026 මාර්තු 22, පෙ.ව. 12:26
ශ්‍රිලන්කන් ගුවන් සමාගම විසින් එයාර් බස් ගුවන් යානා මිලදි ගැනිමේ දි සිදුවි ඇති බව කියන කුප්‍රකට දුෂිත ගණුදෙනුව පිළිබද මාතෘකාව යළිත් කරළියට පැමිණ තිබේ.2013 වර්ෂයේ දි මෙකි කුප්‍රකට ගණුදෙණුව සිදුවි තිබුණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් එවකට ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි සැකකාර කපිල චන්ද්‍රසේනට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් කෝටි අටක මුදලක් හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ගුවන් සේවා අමාත්‍යවරයාට කොටස් වශයෙන් ලබා දී ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සදහන්කොට තිබුණි.
බන්ධනාගාර ගත කර සිටින සැකකාර කපිල චන්ද්‍රසේනට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.හිටපු ගුවන් සේවා අමාත්‍යය ප්‍රියංකර ජයරත්න සැකකරුට රුපියල් කෝටි දෙකක මුදලක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් කෝටි දෙක බැගින් කෝටි හයක මුදලක් ලබාදී ඇති බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණය ඉදිරියේ කරුණු දක්වා තිබුණි.
සිය බිරිද නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට සිවිල් ගුවන්යානා සමාගමකින් (European Aeronautic Defence and Space company (EADS)) යූරෝ 1,454,645.54 ක(ඇමරිකන් ඩොලර් මිලියන දෙකක ) අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍ර සේන නැමති සැකකරු ලබන 02 දින දක්වා යළි ත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධානමය ස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කරණු ලැබිය.
මේ සම්බන්දයෙන් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මිටපෙර නියෝගකොට තිබුණි.
මෙකි නඩුවේ තුන්වන සැකකරු ලෙස ශමින්ද්‍ර රාජපක්ෂ නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දෙනු ලැබිය.2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ අයථා මුදල් ගනුදෙනුවකදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.
අනතුරුව ඔවුන් සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබුණි..මෙවැනි පසුබිමක් තුල අදාළ නඩුවේ තෙවන සැකකරු ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරණු ලැබිය..එහිදි සැකකරු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරණු ලැබිය.
එසේම දැනට විදේශගතව සිටින සැකකරු අත්අඩංගුවට ගැවීම සඳහා රතු වරෙන්තුවක් ලබාගැනීමට කටයතු කරන ලෙසද කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
මෙකි දුෂිත ගණුදෙණුව සම්බන්දයෙන් ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගෙන් ද ඉකුත් වර්ෂයේ (2025) පෙබරවාරි මස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය පහක පමණ කාලයක් තිස්සේ ප්‍රකාශ ලබාගෙන තිබුණි. ඒ . රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනිමට කටයුතු කරතිබුණි.
මෙකි දුෂිත ගණුදෙනුව පසුගිය ජනාධිපතිවරණයේ දි මෙන්ම මහමැතිවරණයේ දි ජාතික ජනබලවේගයේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණි. දුෂිතයින්ට නිත්‍යානුකුලව දඩුවම් ලබාදෙන බවට ජාතික ජනබලවේගයේ නායකයින් මැතිවරණ වේදිකාවලදි සදහන් කළහ. ඇත්තටම මොකක්ද මේ එයාර් බස් මිලදි ගැනිමේ ගණුදෙනුව.
ගුවන්යානා මිලදි ගැනිමේ අතිත කථාව
එමිරේට්ස් සමාගම ශ්‍රිලන්කන් ගුවන් සේවා සමාගමේ කළමණාකරණයෙන් . 2008 වර්ෂයේ දි ඉවත්වනවිට ගුවන් සමාගමේ පාඩුව රුපියල් මිලියන 4,428කි. ඒවනවිට ගුවන් සේවා සමාගම විසින් ගුවන්යානා 14ක් ධාවනයේ යොදවමින් පැවතුණි. ගුවන් සේවා සමාගම විසින් සකස්කරණු ලැබු ව්‍යාපාරික සැලැස්ම අනුව 2013-2021 කාලය තුල පටුබද ගුවන්යානා 13ක් එවායේ ජිවිත කාලය ඉකුත්විම නිසා භාවිතයෙන් ඉවත් කිරිමට නියමිතව තිබුණි. මෙකි ගුවන්යානා වෙනුවට නවින පන්නයේ පුළුල් බද ගුවන් යානා 14ක් ධාවනයට එකතුකරගැනිමට තිරණය කොට තිබුණි.
ඒ අනුව ශ්‍රිලන්කන් ගුවන්සාමගම සදහා A 330- 300 ගුවන් යානා, 06ක්, A 350-900 ගුවන් යානා 04ක් , මිලදි ගැනිමට සහ තවත් A 350-900 ගුවන් යානා 04ක් බදුපදනම මත ලබා ගැනිමට ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 2013 වර්ෂයේ දි තින්දුකොට තිබුණි. එවකට ගුවන්සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කපිල චන්ද්‍රසේන කටයුතු කරණු ලැබිය.
එමෙන්ම A 330- 300 ගුවන් යානා, 06ක් විකුණා නැවත ආපසු බදුපදනම මත, මිලදි ගැනිමට ද අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තින්දුකොට තිබුණි. එහෙත් මෙම තින්දු තිරණ,ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ගෙන තිබුණි..එමෙන්ම ඒ සදහා විදිමත් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක්ද සිදුකර නොතිබුණි. කෙසේවුවද, 2020/2021 යන වර්ෂවල ලැබිමට නියමිත ව තිබු A 350-900 මෙම ගුවන්යානා 04 වෙනුවට A 321 නියෝ සහ A 330 නියෝ ගුවන් යානා මිලදි ගැනිමට සමාගම හා එස්.ඒ.එස්. එයාර්බස් සමාගම අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි.
• රටේ විදේශ විනිමය අර්බුදයක් තිබියදි පෙර ගෙවුම් ලෙස ගුවන් යානා මිලදි ගැනිමට රුපියල් මිලියන 2528.12ක මුදලක් ගෙවලා
ශ්‍රිලන්කන් ගුවන්සේවා සමාගම විසින් ගුවන්යානා 10ක් මිලදි ගැනිම සදහා එයාර්බස් සමාගම සමග ගිවිසුම්ගතව තිබුණි. ඒ අනුව A 330-300 වර්ගයේ ගුවන්යානා 06ක් සහ A 350-900 වර්ගයේ ගුවන්යානා 04ක් සෘජුවම එයාර්බස් සමාගමෙන් මිලදි ගැනිම සදහා ගුවන්සේවා සමාගම විසින් 2013 ජුනි 19 හා 28 වැනිදින ගිවිසුම්ගතව තිබුණි. ඒ අනුව ගුවන් යානා ලබා ගැනිමේ පෙර ගෙවුම් ලෙස රුපියල් මිලියන 2528.12ක ( ඇමරිකානු ඩොලර් මිලියන 19.21) මුදලක් අදාල සමාගම වෙත ගෙවාදැමිමට ගුවන් සමාගම විසින් කටයුතු කර තිබුණි.. එමෙන්ම තවත් A 350-900 වර්ගයේ ගුවන්යානා 04ක් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ මිලදි ගැනිමට ඉන්ටර්නැෂනල් ලීස් පිනෑන්ස් සමාගම හා එයාර්කැප් යන සමාගම් සමග ගිවිසුම්ගතව තිබුණි.
• ගුවන් යානා 04ක් මිලදි ගැනිමේ ගණුදෙනුවේ දි සමාගමට මිලියන 16,924,36ක පාඩුවක්
කෙසේවුවද 2015 වර්ෂයේ බලයට පත්වු යහපාලන රජය විසින් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ගිවිසුම්ගතව තිබු 350-900 වර්ගයේ ගුවන්යානා 04ක මිලදි ගැනිමේ බදු ගිවිසුම අවලංගු කොට තිබුණි. ශ්‍රිලන්කන් ගුවන්සමාගම පත්ව තිබු දැඩි මුල්‍ය අර්බුදය ඒ සදහා හේතුවි තිබුණි.මේ හේතුවෙන් රුපියල් මිලියන දාසයදහස්,නමසිය, විසිහතරයි,දශම තුනයි හයක (16,924,36) මුදලක් වන්දි වශයෙන් අදාල සමාගම වෙත ගෙවිමට ගුවන් සමාගමට සිදුවි තිබුණි. මෙවා කජු ඇට කොස් ඇට නොවේ. මෙවැනි මගඩි නිසා කිහිප දෙනෙකු තම මඩිය තරකරගත්තද, අවසානයේ මෙකි වන්දි මුදල ගෙවිමට සිදුවන්නේ රටේ ජනතාවටය.
• ගුවන් සමාගමේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිදට අයත් සමාගමකට ගෙවිම් කිරිමට එයාර්බස් සේවකයින් එකගවෙලා
මුලින්ම මෙකි වංචාසහගත ගණුදෙනුවේ තොරතුරු අනාවරණය වන්නේ බ්‍රිතාන්‍ය බරපතල වංචා කාර්යාලය මගින් සිදුකරණු ලැබු විමර්ශනයක ප්‍රථිපලයක් වශයෙනි. ශ්‍රිලන්කන් ගුවන් සමාගම විසින් ගුවන් යානා 10ක් මිලදි ගැනිම සදහා ගිවිසුම්ගතව ගතව සිටි එයාර්බස් සමාගමට එරෙහිව අල්ලස් හා දුෂණ චෝදනා එල්ලවි තිබුණි. බ්‍රිතාන්‍ය බරපතල වංචා කාර්යාලය මගින් මෙකි සමාගමට එරෙහිව එක්සත් රාජධානියේ ක්‍රවුන් අධිකරණයේ නඩු පවරා තිබුණි. මෙකි සමාගමට එරෙහිව විමර්ශන වසර හතරක් පුරා ක්‍රියාත්මක වෙමින් පැවතුණි. මෙකි විමර්ශනවලදි ශ්‍රිලන්කන් ගුවන් සමාගමට අදාළ ගුවන්යානා මිලදි ගැනිමේ කුප්‍රකට ගනුදෙනුව පිළිබද සියලු තොරතුරු ද එක්සත් රාජධානියේ ක්‍රවන් අධිකරණයේ දි අනාවරණය වි තිබුණි. මෙකි ගුවන්යානා මිලදි ගැනිමේ දි අතරමැදියකු ලෙස කටයුතුකර ඇති සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 1684ක මුදලක් ගෙවිමට එයාර්බස් සමාගම එකගවි තිබුණි. එකගවු මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අදාළ සමාගමට ගෙවා ඇති බවට අනාවරණය වි ඇත. මෙකි අතරමැදි සමාගම එවකට ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වු කපිල චන්ද්‍රෙස්නගේ බිරිදට අයත් සමාගමක් බවට අනාවරණය වි ඇත.
එයාර්බස් සමාගම විසින් ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිදට අයත් සමාගමකට, ගුවන් යානා මිලදි ගැනිමේ ගනුදෙනුවට බලපැම් සිදුකිරිම සදහා ගෙවිම් කිරිමට එකග වි තිබුණි.. ඒ අනුව ශ්‍රිලන්කන් ගුවන් සමාගමට A 330-300 ගුවන් යානා 06ක්,A 300-350, ගුවන් යානා 04ක්, මිලදි ගැනිමට හා A 350-900 ගුවන්යානා 04 ක් කුලිපදනම මත ලබාගැනිමේ ගනුදෙනුවට බලපැම් සිදුකිරිම සදහා අදාල ගෙවිම් කිරිමට එකග වි තිබු බව විගණනය මගින් ද අනාවරණය කොට තිබුණි. එක්සත් රාජධානියේ සුපිරි අධිකරණය මගින් ,බරපතල වංචා කාර්යාලය හා එස්.ඒ.එස් එයාර්බස් සමාගම අතර ඇතිකරගෙන තිබු ගිවිසුම අනුමත කරමින් ලබාදෙනු ලැබු තින්දුව මගින් මෙම කරුණු අනාවරණය වි තිබුණි.
එයාර් බස් සමාගම විසින් . A 350-900 වර්ගයේ ගුවන්යානයක මිල වශයෙන් ඇමරිකානු ඩොලර් 275,099,000ක් සදහන්කොට තිබුණි. උපකරණ සැපයිම සදහා සදහන්කොට ඇති ඇමරිකානු ඩොලර් 9,672,000කි.
මෙවැනි වංචාවක් සිදුකොට ඇති බවට අනාවරණය වි තිබුනද ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව ශ්‍රිලන්කන් ගුවන් ,සමාගම විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබු අතර අලාභය අයකරගැනිමට කටයුතුකර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. මේ නිසා සමාගමට සිදුවු අලාභය අයකරගැනිමට එයාර්බස් සමාගමට සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
. • හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව,සමාගම විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
ශ්‍රිලන්කන් ගුවන් සමාගම විසින් එයාර්බස්, සමාගම වෙත ගුවන් යානා ලබා ගැනිමේ පෙරගෙවිම පොලිය සමග ආපසු ලබාදෙන ලෙස ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. ගුවන් යානා ලැබිමට පෙර ගුවන් සමාගම විසින් අදාල සමාගම වෙත කරණු ලැබු පෙර ගෙවිම ආපසු අයකර ගැනිම කළ හැක්කේ නිතිමය ක්‍රියාමාර්ගයක් පමණි. එහෙත් ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ නිති උපදෙස්මත පදනම්ව ගුවන් සමාගම විසින් එස්.ඒ.එස්.එයාර්බස් සමාගම, සමග මෙකි ගුවන්යානා මිලදි ගැනිමේ ගිවිසුම අවසන් කිරිමට කටයුතු කළ බවය. එමෙන්ම මෙකි ගණු දෙනුවට අදාල පෙර ගෙවිම වන්දියක් ද සමග අයකරගැනිම පිළිබද අදාල සමාගම වෙත ලිඛිතව දැනුම් දි ඇති බවය.
• සමාගමට සිදුවු අලාභය අයකරගැනිමට එයාර්බස් සමාගමට සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව කටයුතු කළයුතු බවට විගණනයෙන් නිර්දේශ
එයාර්බස් සමාගම මෙකි ගණුදෙනුව සම්බන්දයෙන් සුහද විසදුමක් සදහා ඔවුන්ගේ කැමැත්ත දන්වා ඇති බවද ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත. මෙකි ක්‍රියාවලිය නිතිපති දේපාර්තමේන්තුවේ උපදෙස් මත සක්‍රියව ක්‍රියාත්මක වෙමින් පවතින බවද විගණන වාර්තාවේ සදහන්ව ඇත. එමෙන්ම ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව සිවිල් ක්‍රියාමාර්ගයක් ගතහැකිද යන්න පිළිබදව ගුවන් සමාගම විසින් නිතිපති දේපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා ඇති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
• ගුවන් යානා මිලදි ගැනිම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නැහැ.
මෙවැනි මහාපරිමාන ආයෝජන සිදුකිරිමට විස්තරාත්මක හා යථාර්තවාදි පිරිවැය ප්‍රතිලාභ, විශ්ලේෂණය , සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. ඒ විතරක් නොව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලබාගත යුතුය. එහෙත් මෙකි ගණුදෙනුවේ දි ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සිදුකර ඇත්තේ වන්මෑන් ෂෝ එකකි. එමෙන්ම මෙවැනි දුෂිත ගණුදෙනු අනාගතයේ දි වලක්වා ගැනිම සදහා සමාගම විසින් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයකින් පසු සැලකිලිමත්ව තම ගුවන් යානා මිශ්‍රණය තිරණය කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.
ඒ අනුව ප්‍රශ්නගත මෙකි ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද විමර්ශනයක් ආරම්භ කරණු ලැබිය. 2020 වසරේ පෙබරවාරි 06 වනදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබිය..පසුව ඔවුන් ඇප මත මුදා හැරුණු අතර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යය අඛණ්ඩව සලකා බැලීම සිදුවිය.
ශ්‍රිලන්කන් ගුවන් සමාගමේ අද තත්ත්වය.
ශ්‍රිලන්කන් ගුවන් සමාගමේ 2024/2025 මුල්‍ය වර්ෂයේ මුල්මාස තුනට සාපේක්ෂව 2025/2026 පළමු මාස තුනේදි ගුවන් මගි ආදායම රුපියල් බිලියන 51.7 දක්වා ඉහළගොස් ඇත. ගුවන් ගමන්වාර සංඛ්‍යාවද සියයට 23කින් ඉහළගොස් තිබුණි. 2025/2026 වර්ෂයේ පළමු කාර්තුව තුලදි ගුවන් ගමන් 3217 සිදුකොට තිබු අතර මිලියනයකට අධික මගින් සංඛ්‍යාවක් ගුවන් සමාගම විසින් රැගෙන ගොස් තිබුණි. කෙසේවුවද මෙම කාලසිමාව තුලදි භාණ්ඩ ආදායම රුපියල් බිලියන 7.1 දක්වා සියයට 13කින් අඩුවි තිබුණි. අනෙකුත් ආදායම රුපියල් බිලියන 3.8 දක්වා සියයට 28කින් අඩුවි ඇත.
ශ්‍රිලන්කන් ගුවන් සමාගම 2025/2026 මුල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුලදි රුපියල් බිලියන 10.7ක ශුද්ධ අලාභයක් වාර්තාකොට තිබුණි. කෙසේවුවද 2024/2025 මුල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුලදි ගුවන් සමාගමේ අලාභය රුපියල් බිලියන 12.9කි. ගුවන් සමාගම දැඩි මුල්‍ය පිඩනයක් යටතේ කටයුතු කරණු ලබන අතර ගුවන් සමාගමේ සමුච්චිත අලාභය රුපියල් බිලියන 628.3කි.ගුවන් සමාගම විසින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය සැලකිල්ලට ගනිමින් පුද්ගලිකරණය කිරිමකින් තොරව ගුවන්සේවා සමාගම ප්‍රතිව්‍යුහගත කිරිමට රජය විසින් තින්දුකොට ඇත. රජය විසින් ඉකුත් වර්ෂය තුල ගුවන්සේවා සමාගම වෙත මුල්‍ය ගැටළුව සමනය කිරිම සදහා රුපියල් බිලියන 9.8ක ප්‍රාග්ධන දායකත්වයක් ලබාදි ඇත.
(ලලිත් චාමින්ද)
2026 මාර්තු 22, පෙ.ව. 12:25
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:17
2026 මාර්තු 22, පෙ.ව. 12:15