hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:21



නගරාධිපතිවරුන්ට යටත් විජිත ආණ්ඩු සමයේ සිට නිල නොලත් මහේස්ත්‍රාත් ගෞරව නාමය ලබා දුන්න ද ඔවුන්ට නඩු ඇසීමේ බලයක් නැති බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ට දැනුම් දෙන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ අජිත් පී. පෙරේරා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, නගරාධිපතිවරයා හමු වීමට පැමිණි නීතිඥවරියක ඇතුළු පිරිසකට තමන් නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු බව ප්‍රකාශ කරමින් බැණ වැදී තර්ජනය කිරීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නගරාධිපතිට පමණක් නොව නි. නගරාධිපති, සභාපති සහ උප සභාපතිට අදාළ ගෞරව නාමය ලැබෙන නමුත් ඔවුන් කිසිවෙකුට නඩු ඇසීමට බලයක් නැතැයි ඔහු අවධාරණය කරයි.

නීතීඥවරයෙකු එළියට දැමීමට තමන් බලතල ඇතැයි ප්‍රකාශ කරන රංජන් ජයලාල්ගේ ඔළුව පරික්ෂා කළ යුතු බව ද අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: