hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 17, පෙ.ව. 12:04



හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිරකරුවන් වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කිරීමට වැඩකටයුතු කරපු පුද්ගලයෙක් බව හිටපු අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කරයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාත්ත වීම ගැන හිටපු අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කළේ,

“හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කළා. කාලයක් තිස්සේ දේශපාලන වශයෙන් සම්බන්ධනකම් තියෙනවා. ඒ ඇරුනම ඔවුන්ගේ නීතීඥවරයෙක් හැටියට මම කටයුතු කරලා තියෙනවා.

පවුලට ඉතා සම්බන්ධයි. ඛේදජනක මරණයක්. ඉතා තරුණ වයසේ. නමුත් ඔහු සමහර අවස්ථා වලදී ඔහුට භාරදීපු වගකීම් ඉතා හොදින් ඉෂ්ට කරා. විශේෂයෙන්ම අලුත් බන්ධනාගාරයක් ඉෂ්ට කිරීම සඳහා අක්කර 200ක ප්‍රමාණයක් පවරගෙන හොරණ ප්‍රදේශයෙන්.

සිරකරුවන් වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරන්න වැඩකටයුතු කරපු පුද්ගලයෙක්. මගේ සංවේගය පළ කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: