hit counter

2025 නොවැම්‍බර් මස 18 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 18, පෙ.ව. 11:59



පාතාල ක්‍රියාකරුවන්ට රතු නිවේදන නිකුත් කර තිබෙන බවත් ඔවුන් 80කට රතු නිවේදන නිකුත් කර මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (18) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“පාතාල ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කිරීම මේ වනවිට විශාල වශයෙන් අපි ව්‍යාප්ත කරලා තියෙනවා. පාතාල ක්‍රියාකරුවන්ට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා.

තව 80ක් රතු නිවේදන නිකුත් කරලා ඔවුන් මේ රටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර රාජ්‍ය තාන්ත්‍රිකවත්, ඒ වගේම අපේ විමර්ශන ජාත්‍යන්තර පොලීසිය හරහා ඒකාබද්ධ විමර්ශන හරහාත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: