hit counter

2025 ඔක්‍තෝබර් මස 25 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:07



පාතාලයට කාලයක් තිස්සේ දේශපාලන ආශිර්වාදය තිබුණ බවත් පාතාලය අවසන් කිරීමට දැන් කාලය ඇවිත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“පාතාලයට කාලයක් තිස්සේ දේශපාලන ආශිර්වාදය තිබුණා. ඉතිං මේ දේශපාලන ආශිර්වාදය සහිතව සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය කාසියේ දෙපැත්ත වගේ වැඩිලා තියෙනවා. දැන් මේක අවසන් කරන්න කාලය.

මහජනයා තීන්දුවක් දීලා තියෙනවා පහුගිය මැතිවරණ වලදී. අපි ඒ වගකීම භාර අරන් තියෙනවා. පහළම තලයේ මහජන ආරක්ෂක කමිටු 14,000ක් පිහිටුවලා තියෙනවා. ඊට උඩින් ප්‍රදේශීය කමිටු පිහිටුවනවා. ඊට උඩින් දිස්ත්‍රිත්ක කමිටු පිහිටුවනවා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: