2026 පෙබරවාරි 28, පෙ.ව. 12:14
මනුෂ්‍යත්වයට ගරු කරන රාජ්‍යක් ගොඩ නැගීම සඳහා සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බව කම්කරු අමාත්‍ය මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු මහතා පවසයි.
ඒ සඳහා සියලූදෙනා හට විභවතාවයක් පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍ය ආචාය– අනිල් ජයන්ත ප‍්‍රනාන්දු මහතා මේ බව ප‍්‍රකාශ කළේ කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරුන් ඇතුළු විධායක නිලධාරීන් දැනුවත් කිරීම, එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම හා එහි ඉදිරි ගමන් මග සාකච්ඡුා කිරීම සඳහා සංවිධාන කෙරුණු විශේෂ සමුළුවකට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංහිඳ ශ‍්‍රවණාගාරයේදී සහභාගී වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මනුෂ්‍යත්වයෙන් පිරි සමාජ පරිවර්තනයකට අවශ්‍ය දේශපාලන නායකත්වය ලැබෙමින් පවතින බවයි.
වත්මන් ආණ්ඩුවට ලැබුණු ජනවරම වෙනත් අරමුණු වෙනුවෙන් භාවිත කිරීමට කටයුතු නොකරන බවද අනිල් ජයන්ත ප‍්‍රනාන්දු මහතා එහිදී අවධාරණය කළේය.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු මහතා,
”දේශපාලනයේ දි විය හැකි අනතුර තමයි එය පෞද්ගලික කාරණයක් වෙනුවෙන් පාවිච්චි කිරීම. ඇමැතිවරයාට හිතු හිතූ දේ කිරීම, ඇමැතිවරයාගේ සිතැඟි ඉෂ්ට කර ගැනීම. එ් වෙනුවෙන් භාවිතා නෙවෙන බව අපි සපථ කරල කියනවා විතරක් නෙමෙයි භාවිතාවෙන් අපි එය ඉෂ්ට කරලත් තියෙනවා. ඔබටත් එය දැනෙන්න ඕනේ. සමහර විට දේශපාලනික වශයෙන් වෙනස්ම තැනක සිටියොත්, නෑ මේක හරියන්නේ නෑ කියලා හිතුවොත් දැනෙන්නේ නැහැ. විවෘත මනසකින් බැලූවොත් එය පැහැදිලි වේවි.
අපි ගැන විවේචනය කරන අයටත්, අප පිළිබඳව සතුරු ඇසකින් බලන අයටත් කියනවා පුද්ගලික අරමුණකින් තොරව අපි අපේ දේශපාලනය භාවිතා කරනවා කියලා. ආණ්ඩුව පීල්ල පැන්නොත් අනිත් සේරම පීලිපනිනවා. එ්් නිසා තමයි අතීතයේ ආණ්ඩුවල ගැටලූ පැන නැගිලා තිබුනේ. ආණ්ඩුව හරි පීල්ලේ ගමන් කරන නිසා ඔබ අපි ඔක්කෝටම සිද්ධ වෙනවා හරි පීල්ලට එන්න. අතීතයේදි හැම පීල්ලකම දුවපු නිසා කවුද වැරදි කලේ කියලා හොයන්න බැරිව යනවා.
දේශපාලනඥයින්, අමාත්‍යංශ හොරකම් කළා වංචා කළා කලාතුරකින් එ්ක්කෙනෙක් දෙන්නෙක් අහුවෙනව. නමුත් අපි නිවැරැදි හරි පීල්ලේ ගමන් කරන කොට හැමෝටම සිද්ධ වෙනවා එ්් හරි පීල්ලේ ගමන් කරන්න.ඉදීරියේදි කිසිවෙකුට බැරිව යනවා හිතාමතා මේ අරමුණින් පරිබාහිරව ගමන් කරන්න. ඇයි එ්? මේ හරි පීල්ල ගමන් කරන්නේ මනුෂ්‍යත්වය දෙසට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසට, ලෝක සාමය දෙසට ”
වැඩමුළුව අමතමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද අදහස් පළ කළේය.
එ් මහතා පෙන්වා දුන්නේ කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඉතිහාසයේ සිට ජනතාව තුල පවතින අසුබවාදී ආකල්පය වෙනස් කිරීමට සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.
එ් සඳහා විෂයභාර අමාත්‍යවරුන් ලෙස තමන් පමණක් නොව කම්කරු දෙපාර්තමේන්තුවේ සියලූ නිලධාරින් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේය.
කම්කරු පරිපාලනයේ ඩිජිටල් පරිවර්තනය මැයෙන් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජේය්ෂ්ඨ උපදේශක සහ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා විසින් විශේෂ දේශනයක් ද, සේවා ස්ථානවල හිරිහැර වැළැක්වීම සහ එ්වා ආමන්ත‍්‍රණය කිරීම මැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අරෝෂා එස්. අදිකාරම් මහත්මිය විසින් විශේෂ දේශනයක් ද මෙහිදී පවත්වන ලදි.
මෙම සමුළුවට කම්කරු දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ.
එමෙන්ම වැඩ ලෝකයේ අවිධිමත් කරුණු මැයෙන් විද්වත් සාකච්ඡුාවක් ද පැවැති මෙම සමුළුවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැුසක් ද එක්ව සිටියහ.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:07
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26