2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
මෙරට කිසිදු පුද්ගලයකුගේ ප්‍රබලත්වය හෝ තරාතිරම කුමක්දැයි යන්න සලකා බැලීමකින් තොරව, නීතිය සෑම කෙනෙකුටම සමානව ක්‍රියාත්මක කරන බව ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
ඊයේ (02) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්, අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සිදු වී ඇති බදු වංචාවලට එරෙහිව ව්‍යාපාරිකාවක් වන පියුමි හංසමාලි මහත්මියට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවාදැයි එහිදී මාධ්‍යවේදීන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ කවුද? ඒ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකාවක්ද ? මන් දන්නේ නැහැ යනුවෙන් ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.
එමෙන්ම කවුරුන් හෝ වංචාවක් සිදු කරමින් බදු පැහැර හැර ඇත්නම් ඊට වගකිව යුතු බවත් සියලු දෙනාම සාධාරණව බදු ගෙවිය යුතු බවත් අනිල් ජයන්ත මහතා සඳහන් කළා.
ඔවුන් නීති රීති උල්ලංඝනය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් දඩුවම් විඳිමට සිදුවන බවත් මේ පිළිබඳව විමර්ශනය සිදු කරන කණ්ඩායම් ඉදිරියේදී ඔවුන් පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බවත් අනිල් ජයන්ත මහතා පෙන්වාදෙනවා.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා :
“ මෙහෙමයි අපි නැවතත් කියන්න අවශ්‍ය නෑ, අපි මුලදිම කිව්වා අපි කවුරුත් ඉලක්ක කරගෙන හොයාගෙන ලොකු ව්‍යාපාරිකයාද? පොඩි ව්‍යාපාරිකයාද? ප්‍රබලද දුබලද කියලා ආණ්ඩුවක් විසින් ඒ ව්‍යාපාරිකයන් පස්සෙන් යන්නේ නැහැ. අපි ආණ්ඩුවක් කරනවනම් අපි මහජනයාට වග වෙනවා. ඒ වගේ වෙන ආණ්ඩුවේ සාධාරණ දෙයක් තමයි, සියලු දෙනාම සාධාරණව බදු ගෙවන්න ඕනේ. එතකොට කවුරු හෝ බදු වංචා කරලා, බදු පැහැර හැරලා තියෙනවනම්, ඒකට අපිට තරාතිරම වැඩක් වෙන්නේ නැහැ. පරීක්ෂා කරගෙන යන්න අදාළ ආයතනයට නිදහස තියෙනවා. ඒක තමයි විශේෂත්වය. කලින් ආණ්ඩුවලදි එහෙම පරීක්ෂණ කරගෙන යන්න අදාළ ක්‍රියාමාර්ග ගන්න බැරි වුණා.ඒකට දේශපාලනත්වය මැදිහත් වුණා. අපි ඒ මැදිහත්වීම කරන්නේ නෑ වගේම, ඒ කටයුත්ත කරගන්න පහසුකම් සපයනවා.
ඇත්තටම ඒ ඒ ආයතනවලින් අපි පිවිස ලබාගන්න ඕනේ. රේගු දෙපාර්තමේන්තුවද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඒ වගේම ඒවා සම්බන්ධව විමර්ශනය කරන කණ්ඩායම් ඒ විමර්ශන ඉදිරියේදී කරාවි. එතකොට අදාළ ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නවා. කිසි විදිහකට පෞද්ගලිකව මැදිහත් වෙලා වැඩක් කරන්නේ නැහැ. නීති රීති උල්ලංඝනය වෙලා තියෙනවනම්, වැරදිකාරයෝ වෙලා තියෙනවනම් ඒවට දඩුවම් විඳින්න වෙනවා. ඒක තමයි අපි නීතිය සැමට එක හා සමානව කරන්න පොරොන්දු වුණ එකම් දෙ සහ කරන දේ”
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:04
03-08-25
03-08-25
03-08-25
03-08-25
02-08-25
02-08-25
02-08-25
02-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
31-07-25
31-07-25
31-07-25
31-07-25