hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ජූලි 27, ප.ව. 4:22



නිදහස් මාධ්‍යවේදී ඇන්තනී වේරංග පුෂ්පික යන අය පැහැරගෙන ගොස් ඇතැයි වාර්තාවෙනවා.

ඇන්තනී වේරංග නම් අදාල තරුණයා කොටුවේ පැවති උද්ඝෝෂණයට සහභාගී වී ආපසු යෑම සදහා බස් රථයකට ගොඩ වී සිටිය දී මෙම පැහැර ගැනීම සිදුව ඇතැයි පැවසෙනවා.

අද(27) දහවල් නාඳුනන පිරිසක් විසින් ඔහුව පැරගෙන තිබෙනවා යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් අනතුරුව කොමිෂම විසින් පොලීසියෙන් කරන ලද විමසීමකට අනුව පොලීසිය විසින් ඔහු කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යංශය බාරයේ පසුවන බවට තහවුරු කර තිබෙනවා.

නිදහස් මාධ්‍යවේදී, සමාජ ක්‍රියාකාරක වේරංග පුෂ්පික අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාද වනවා.

ඇන්තනී වේරංග අනිද්දා පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන අයෙකු බවද පැවසෙනවා.