2023 මැයි 18, පෙ.ව. 7:36
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේට වසන්ත මුදලිගේ ඉවත්වී නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිත බව වාර්තා වනවා.
පසුගිය 14 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සැසියේදී මේ බව දන්වා තිබෙනවා.
මැයි 20 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේදී මෙම නව පත්වීමේ අවස්ථාව සිදුකිරීමට සූදානම් කොට ඇතැයි වාර්තා වනවා.
සබරගමුව, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාල මේ ඡන්ද විමසීමේ අවස්ථාවට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පැවසුවා.
පසුගිය කාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත් දේශපාලන ක්‍රියාමාර්ග වලට එකඟ නොවීම නිසා එම සරසවි සම්බන්ධ නොකරගැනීමට හේතුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනිත් ජනජය හෝ විවෘත විශ්වවිද්‍යාලයේ Rifath sparrow (බයිරා) යන ශිෂ්‍ය නායකයින්ගෙන් අයෙකු නව කැඳවුම්කරු වීමට ඉඩඇති බව එම ආරංචි මාරග පෙන්වා දෙනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08