hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2026 මාර්තු 13, පෙ.ව. 12:31



මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිතව පවතින කාලගුණික තත්ත්වය හමුවේ පාසල් ක්‍රීඩා කටයුතු සහ ක්‍රීඩා තරග පැවැත්වීමේ දී සෞඛ්‍ය අංශවල නිසි උපදෙස් පිළිපදින ලෙස ක්‍රීඩා වෛද්‍ය රුවන් ජයසිරි මහතා ඉල්ලා සිටියි.

වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ. ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් ද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි .

මැරතන් තරග පුහුණුවක් අතරතුර බුත්තල පාසලක සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්විය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැරතන් තරගයක් සදහා පුහුණුවිම කටයුතුවල නිරතව සිටි 11 ශ්‍රේණියේ සිසුවෙකි.

එ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙනි.

මේ දිනවල අධික හිරු රශ්මිය හේතුවෙන් එළිමහන් භූමියේ ක්‍රියාකාරකම් බොහෝ දුරට සීමා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛ මගින් ද පාසල්වලට දන්වා ඇත තවද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අංශවල වෛද්‍ය වාර්තා අනුව ක්‍රීඩා ඉසව්වලට දරුවන් යොමු කරන ලෙසයි ක්‍රීඩා වෛද්‍යවරුන් දැනුම් දෙන්නේ ක්‍රීඩාවේ යෙදෙන විට හැකිතාක් ජලය පානය කරන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: