2023 මාර්තු 08, පෙ.ව. 9:32
වෙලද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා තම මස්සිනා වුවද ඔහුට ඕනෑ තමන් මරා දැමීමට බව බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා සඳහන් කරනවා.
ඔහු මෙම අදහස් පල කළේ යූටියුබ් නාලිකාවක සාකච්ඡාවට එක් වෙමින්.
අමාත්‍යවරයා විසින් සිදු කරන මෝඩ වැඩ නිසා ලංකාවේ බිත්තර කර්මාන්තය විනාශ වෙමින් ඇතැයි ඇතැයිද හෙතෙම චෝදනා කරනවා.
ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ලංකාවට කුරුළු උණ දැනටමත් පැමිණ ඇති බවත් හමුදාවට කෑමට දී ඇත්තේ කුරුළු උණ සහිත බිත්තර බවත් ඔහු කියා සිටිනවා.
අමාත්‍යවරයාගේ මෝඩ වැඩ නිසා බිත්තරයක් රුපියල් 70ට යන එක නතර කර ගැනීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් එහිදී පැවසුවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08