hit counter

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:02



ඉදිරි වසර කිහිපය තුළ විදුලි ගාස්තු සැලකියයුතු ප්‍රමාණයකින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3 තුළ සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබෙනවා.

මෙහිදී වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් එකඟතාව පළ කර ඇත්තේ කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබාදෙන බවටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: