2025 ජූනි 04, පෙ.ව. 12:11
අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
මිහින්තලය සහ අටමස්ථානය මූලික කරගනිමින් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන් 8,000ක් යොදවා ඇති බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.
එම නිලධාරීන් ලබන 08 වන දින සිට රජකාරිවල යෙදවීමට නියමිතය.
පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, රථවාහන හැසිරවීම සඳහා නිලධාරීන් මෙන්ම ආරක්ෂක කටයුතු සඳහා ද පොලිස් නිලධාරීන් යෙදවීමට සැලසුම් කර ඇත.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08