2026 මාර්තු 12, පෙ.ව. 12:14
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සැළකිල්ලට ගනිමින්, දිවයිනේ ප්‍රධාන සංචාරක කලාපවල ආරක්ෂාව උපරිම මට්ටමින් පවත්වාගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව විශේෂයෙන්ම ආරුගම් බොක්ක ප්‍රදේශයේ රැඳී සිටින ඊශ්‍රායල සංචාරකයන්ගේ සංඛ්‍යාව මේ වන විට අවම මට්ටමක පැවතියද, එම ප්‍රදේශය වෙනුවෙන් දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය (STF) ඒකාබද්ධව දිවයිනේ ප්‍රධාන සංචාරක කලාප ආවරණය වන ලෙස පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.
කෙසේ වෙතත් වර්තමානය නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයට නිවාඩු සමයක් බැවින් සංචාරකයන්ගේ අඩුවක් දක්නට ලැබෙන අතර මේ වන විට ආරුගම් බොක්ක ප්‍රදේශයේ රැඳී සිටින්නේ ඊශ්‍රායල ජාතිකයන් 40ත් 50ත් අතර පිරිසක් පමණක් බව වාර්තා වේ.
එමෙන්ම යුදෙව් සංචාරකයන් වෙනුවෙන් ආගමික හා ප්‍රජා සේවා සපයන ‘වබාද්’ (Chabad) නිවාස මෙරට පිහිටා තිබීම නිසා ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයක් යොමුව ඇත.
මේ අතර ආරුගම් බොක්ක ප්‍රදේශයේ පිහිටි වබාද් නිවස මේ වන විට වසා දමා ඇති අතර, එම තත්ත්වය ආරක්ෂක කටයුතු වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීමට ඉවහල් වී ඇති බව සඳහන්.
එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම ආරක්ෂක වැඩපිළිවෙළේ මූලික අරමුණ වන්නේ මෙරටට පැමිණෙන සියලුම දේශීය හා විදේශීය සංචාරකයන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව තහවුරු කිරීම බවයි.
2026 ජූනි 23, පෙ.ව. 12:26
2026 ජූනි 23, පෙ.ව. 12:13
2026 ජූනි 23, පෙ.ව. 12:11
2026 ජූනි 23, පෙ.ව. 12:11
2026 ජූනි 23, පෙ.ව. 12:09