hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2025 ජූනි 08, පෙ.ව. 12:04



පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා ලබන 09 වනදා සිට 12 වනදා දක්වා විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

කොළඹ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් සේවාවන් මෙන්ම අනුරාධපුර සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා පොසොන් සමය තුළ දුම්රිය ගමන්වාර 36ක් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන විශේෂ දුම්රිය සේවාවක් ද යොදවා ඇති බව ඔහු පවසයි.

ඒ වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් මුදල් සපයා ඇති බව ද සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධති කිසිදු අනතුරුකාරී තත්ත්වයක් නොමැති බවට සහතිකයක් ලබාදිය හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: