hit counter

2025 ජූනි මස 19 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 03, පෙ.ව. 12:09



හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සිරදඬුවම් ලැබීම සමරමින් නාවලපිටියේ රතිඤ්ඤා දැල්වීම නාවලපිටියේ ජනතාවගේ සමස්ත අදහස නොව හුදෙකලා සිදුවීමක් බව මහා විහාර ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍ය මාවතගම අනුරුද්ධ නාහිමි පවසයි.

එහිමියන් පෙන්වා දුන්නේ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ නාවලපිටිය ආසනයට පමණක් නොව සමස්ත මහනුවර දිස්ත්‍රික්කයට ම සිදුකළ සේවය ඇස් ඇති ඕනෑම අයකුට දැකගත හැකි බවයි.

නාවලපිටිය නගරය, ක්‍රීඩාංගණ, ක්‍රීඩාපිටි පමණක් නොව ඇත්ගාල, කුරුඳුවත්ත නව නගර ද හිටපු ඇමතිතුමා සමයේ ගොඩනැඟූ බව ද අනුරුද්ධ හිමි සඳහන් කරයි.

බෞද්ධයන් ලෙස කෙනෙකුට කනගාටුදායක සිදුවීමක් වූ විට කනගාටු වනු මිස සතුටු නොවන බවත් නාවලපිටිය ජනතාව පමණක් නොව භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු ම ආගමික නායකයන් එතුමාට අත් වූ ඉරණම පිළිබඳ කනගාටු වන බවත් එහිමියන් ප්‍රකාශ කරති.

භික්ෂූන් වහන්සේ ඇතුළු සර්වාගමික නායකයන් කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින් මාවතගම අනුරුද්ධ නාහිමි මේ බව ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: