hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 26, පෙ.ව. 1:03



කොළඹ නගර සභා සීමාවේ මහල් නිවාස සංකීර්ණ 8 ක් අබලන්වී ඇති බවත් මේ හේතුවෙන් එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට යෝජනා කර ඇති බව සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා.

රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව අදාළ මහල් නිවාස සංකීර්ණ සම්බන්ධයෙන් සොයාබලන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත කළ ඉල්ලීමකට අනුවයි මෙම විමර්ශනය සිදුකර ඇත්තේ.

වෑකන්ද මහල් නිවාස ව්‍යාපෘතිය, බම්බලපිටිය නිවාස ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස ක්‍රමය, ඇතුළු තවත් නිවාස සංකීර්ණ අටක් මෙලෙස අවදානම් තත්වයේ පසුවන බවයි එම සංවිධානය සදහන් කළේ.

එබැවින් අදාළ නිවාස යෝජනා ක්‍රමවල පාලන අධිකාරිය වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීම්ද සිදුකර තිබෙනවා.

අදාළ මහල් නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් නොගතහොත් එහි පදිංචි ජනතාවගේ ජීවතවලට දැඩි තර්ජනයක් වනු ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ.