hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 15, ප.ව. 1:24



මල්ශා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂක ලක්මාල් මහතාගේ සහ එම මහත්මියගේ මියගිය පුතණුවන්ට පිං පිණිස මහරගම අපේක්ෂා රෝහලට රුපියල් ලක්‍ෂ 75 ක් පමණ වටිනා විද්‍යාගාර උපකරණ රැසක් ලබාදීම පසුගිය බදාදා (ජුලි 10) එම රෝහල් පරිශ්‍රයේදී සිදුවිය.

වසර ගණනාවක් සිට අපේක්ෂා රෝහලට අවශ්‍යතාවයක්ව පැවති මෙම රසායනාගාර උපකරණ ලබාදීම් තුලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ පිළිකා හදුනා ගැනීමේ පර්යේෂණ කටයුතු ඉතා ඉක්මනින් සිදුකිරීමට එම රෝහලේ කාර්යය මණ්ඩලයට හැකියාව ලැබෙන අතර, අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර සඳහා අසරණ පිළිකා රෝගීන් යොමු කිරීමේ හැකියාව නිසා මෙම උතුම් ක්‍රියාවෙන් ඔවුනටද සහනයක් සැලසෙනු ඇත.

මෙම උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පඬුවස්නුවර, කොළඹගම, ශ්‍රී බේවිකාරාම රජමහා විහාරාධිපති, ඉන්දියාවේ ලුම්බිණි විහාරාධිපති, වැලනපිටියේ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, පොලිස් නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් සහ එම පවුලේ හිතමිත්‍රාදීන් පිරිසක්ද එක් විය.