hit counter

2025 අප්‍රේල් මස 16 වන බදාදා

2023 මැයි 18, පෙ.ව. 7:47



කොකාවිල් සිට වව්නියාව මැදවච්චියට ලබා දී ඇති  ස්ථාන මාරුවකට එරෙහිව කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කඳවුර අසල මාර්ගයේ ඊයේ (16) සිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

යුද හමුදා නීතියට අනුව එසේ කල නොහැකි වුවද ඉතිහාසයේ හමුදා සෙබළියන් පිරිසක් මේ අයුරින් උද්ඝෝෂණයක නිරත වු ප්‍රථම අවස්ථාව මෙය විය.

විරෝධතාවයේ නිරත වූ යුදහමුදා කාන්තා සෙබලියන් කියා සිටියේ ‘2012 වසරේ සිට කොකාවිල් කදවුරේ මේවන තෙක් සෙබළියන් 129 දෙනෙකු සේවය කරන අතර එම සෙබලියන්ට වව්නියාවට ලබා දී ඇති ස්ථාන මරුව අවලංගු කොට  ආසන්න වෙනත් කඳවුරකට රාජකාරි සදහා අණුයුක්ත කරන ලෙසටයි.

මේ සම්බන්ධයෙන් යුදහමුදාවේ කිලිනොච්චියේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාල පිරිස් යුදහමුදා පුහුණූව පූර්ණ වශයෙන් ලබාදුන් සෙබලියන් නොවන බවටත් යම් යම් ව්‍යපෘති වෙනුවෙන් හමුදාගත පදනම යටතේ බඳවාගත් පිරිසක් බවයි.

කෙසේ වෙතත් අදාල සෙබලියන්ට මේ වනවිට ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කොට නොමැති අතරම සෙබළියන්ට ඔවුන්  පදිංචි ප්‍රදේශයේ ආසන්න කදවුරු වල රාජකාරි කිරීමට හැකියාව ඇතිව තිබියදී කිසිවකුගේ අසත්‍ය ප්‍රචාර වලට රැවටී මොවුන් මෙම විරෝධතාවට එක්ව ඇති බවටයි එම නිලධාරියා සඳහන් කළේ.

එමෙන්ම යුදහමුදාවේ කිසිවකුටත් විරෝධතා, උද්ඝෝෂණ වලට  සහභාගි වීම සපුරා තහනම්ව පවතින අතරවාරයේදී මෙම පිරිස් නොදැනුවත්කම මත මෙලෙස විරෝධතාවයක නිරත වන්නේද යන්න පිළිබඳව සෙවීමට විමර්ශනයක් අරඹා ඇතැයිද වාර්තා වනවා.