2023 මැයි 23, පෙ.ව. 10:37
චීන ජාතික විදේශ ආයෝජකයකු නීති විරෝධී ලෙස රට තුළට ගැනීමට තමා මැදිහත් වූ බවට ප්‍රචාරය වන පුවත අසත්‍ය බවත් අදාළ කටයුත්ත සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවද නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවැසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් තමා කටයුතු කරන ලද්දේ ආගමන විගමන පාලකවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් පසුව බවත් මේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ නම් ඔහු අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් තමාව දැනුවත් කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළා.
මෙම චීන ජාතිකයා සිය අමාත්‍යාංශය යටතේ ඉදිවන නිවාස යෝජනා ක්‍රමයකට හා වෙනත් අමාත්‍යාංශ කිහිපයක ආයෝජන කිහිපයක් සඳහා පැමිණි පුද්ගලයකු බවත් ඔහු සතුව කිසිදු නීති විරෝධී ගුවන් බලපත්‍රයක් නොතිබුණ බවට අදාළ සමාගම සහතික වූ බවද ඔහු පැවැසුවා.
අදාළ ආයෝජනයට සම්බන්ධ මෙරට සමාගම මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැනුවත් කිරීමෙන් අනතුරුව ආගමන විගමන පාලකවරයාගෙන් කරුණු විමසා බලා ඔහු වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලද බවද ඔහු සඳහන් කර සිටියා.
රාජ්‍ය අමාත්‍යාංශය ලෙස මේ ප්‍රශ්නයට මැදිහත් වූයේ අදාළ පුද්ගලයා සම්බන්ධව මෙරට ආයෝජන සමාගම සහතික වීමෙන් අනතුරුව බවත් අදාළ ආයෝජකයා නීති විරෝධීව පැමිණ නොමැති නම් කඩිනමින් ඔහු නිදහස් කරන ලෙස අදාළ ලිපියෙන් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළා.
අදාළ ආයෝජකයා අපහසුතාවට පත් නොකර ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස තමා ඉල්ලා සිටි නමුත් ඔහු පිළිබඳව කිසිදු පෞද්ගලික සම්බන්ධයක් තමාට නොමැති බවද ඔහු පැවැසුවා.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් විවිධ පුද්ගලයන් හිතාමතාම වැරදි තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08