hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 05, ප.ව. 2:57



පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා අද (05) සිට සිය ධුරයේ රාජකාරි ආරම්භ කර තිබේ.

ඔහු දැනට දරණ තණතුරට අමතරව, විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුලු දිවයිනම ආවර්ණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්තඩංගුවට ගැනීම හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

ඕලුගල මහතා ප්‍රධාන පෙළේ අපරාධකරුවන් නීතියට අනුව රැගෙන ඒම සඳහා දේශීය සහ අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රැසක් මෙහෙයවා ඇති අතර, ඒ අතර කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත වැනි අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමද ඔහුගේ අනු දැනුම මත සිදුවිය.

තවද, සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගැනීම ඔහු විසින් සාර්ථකව මෙහෙයවා ඇති බවද විශේෂයෙන් සඳහන් කළ හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: