hit counter

2025 නොවැම්‍බර් මස 09 වන ඉරිදා

2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:07



සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව නිවේදනය කර ඇත. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපචිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල්/ තැනැත්තන් මෙම යතාවත් කිරීම් සිදු කිරීම් සිදුකළ යුතු බවයි.

මණ්ඩලය වැඩිදුරටත් වාර්තා කරන්නේ 2024 වසරේ දුක්ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරු යථාවත් කිරී අනිවාර්ය නොවන බවත් මීට හේතුව වනුයේ තොරතුරු සමීක්ෂණය සඳහා එම අයදුම්කරුවන් දැනටමත් යොමු කර ඇති බවයි.

එමෙන්ම නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පතේ සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශය බවද නිවේදනය කර ඇත.

එම මණ්ඩලය සඳහන් කළේ අන්තර්ජාල සහිත පරිගණකයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින් https://eservices.wbb.gov.lk යන වෙබ් ලිපිනයට පිවිස QR පත්‍රයේ සඳහන් තමාගේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය යොදා තොරතුරු පද්ධතියට පිවිස තොරතුරු සහතික කිරීමේ මෙනුවට ගොස් පවුලේ තොරතුරු ඇතුළත් කළ හැකි බවත් එසේ නොමැති නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට පිවිසීමෙන් හෝ වසම්භාර ග්‍රාම නිලධාරීවරයා මගින් වාර්ෂික තොරතුරු යථාවත් කිරීමේ අයදුම්පත්‍රයක් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකයට භාර දිය හැකි බවයි.

ඒ අනුව අස්වැසුම පළමු අදියරේ සියලුම පවුල් සහ තැනැත්තන් තොරතුරු යථාවත් කිරීමට සහභාගී වීම අනිවාර්ය වන බවත් සහභාගී නොවූ පවුල් සහ තැනැත්තන් ඉදිරි වර්ෂයේදී අස්වැසුම ප්‍රතිලාභයට සුදුසුකම් නොලබන අය ලෙස සලකනු ලබන බවත් එම මණ්ඩලය පැවසීය.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: