hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 27, ප.ව. 6:48



මහත් ආන්දෝලනයක් ඇති කර ඇති අවුකන පිළිම වහන්සේට සිවුරක් පෙරවීම වෙළෙඳ ප්‍රචාරණ කටයුත්තක් ලෙස පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.

අවුකන පිළිම වහන්සේට සිවුරක් පෙරවීම විකාරයක් බැවින් ඊට ඉඩ දුන්නේ කවුරුන්ද යනුවෙන්? මාධ්‍ය හමුවක් කැඳවමින් සෝභිත හිමියන් විමසා සිටියා.

එහිදී උන්වහන්සේ මෙසේ ද අදහස් දක්වා සිටියා,

“බුදු දහම විනාශ කරන තවත් පියවරක් අපි දැක්කා, අවුකන ප්‍රතිමා වහන්සේට සිවුරක් පෙරවලා කරන විහිලුවක්. එක්තරා පිරිසක් මේ දේ කරන්නේ, පැහැදිලිව ම වෙළෙඳ දැන්වීමක් හැටියට. එහෙත් එහි ලා සැඟවුණු අර්ථයක් තියනවා. ඒ අර්ථය තමයි බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම, බෞද්ධ පුරාවස්තු විකෘති කිරීම, ඒ හරහා බුදු දහමට නිග්‍රහ කිරීම. එක් පැත්තකින් ප්‍රසිද්ධියේ ම අපට පේනවා බෞද්ධ පුරාවස්තු විනාශ කරන විදිහ. දැන් මේ සිවුරු පෙරවීමෙන් කරන්නෙත් පුරාවස්තු විනාශ කිරීමක්. පුරාවස්තුවකට අත තියන්න නීත්‍යානුකූලව තහනම්. විශේෂයෙන් අවුකන පිළිම වහන්සේ ඉදිරියේ පින්තූරයක්වත් ගහන්න සාමාන්‍ය කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ. ඒවා අතපත් ගාන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒ පුරාවස්තුවල ආරක්ෂාවට. නමුත් ඒක උඩට නැගලා, සිවුරු පෙරවලා, මහ විකාරයක් කරන්න ඒ අයට ඉඩ දුන්නේ ඇයි? ඉඩ දුන්නේ කවුද?”