hit counter

2025 අගෝස්‍තු මස 04 වන සඳුදා

2023 ජූනි 29, ප.ව. 12:56



බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා විසින් අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන බතලේගල පර්වතය මුදුනේ සිදුකරන ඉදිකිරීම සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම්වරයාට ඊයේ (28) බාරදී තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා කරන ලද දැනුම්දීම අනුවයි.

බතලේගල පර්වතයට හානි සිදුකරමින් චෛත්‍යයක් ඉදිකරමින් පවතින අතර, මේ නිසා කඩුගන්නාව ආශ්‍රිත භූ දර්ශනයට දැඩිලෙස හානි සිදුවන බව පරිසරවේදීහු පවසති. එමෙන්ම,මෙම ඉදිකිරීම සිදු කෙරෙන්නේ අනවසරයෙන් බවද අනාවරණය වුණා.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹදී පෙරේදා (27) රාත්‍රි පැවැති උත්සවයකට සහභාගිවූ අවස්ථාවේදී බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අදාළ ඉදිකිරීම සඳහා අරණායක ප්‍රාදේශීය සභාව අවසරය ලබාදී තිබෙන බවයි.

පර්වතයේ සිදු කෙරෙන ඉදිකිරීමට අවසරය ලබාදී ඇත්තේ මීට වසර පහකට පමණ පෙරදී බැවින් එම ඉදිකිරීම අනිවාර්යයෙන්ම සිදුකිරීමේ අවශ්‍යතාව පවතින බවද පෙන්වා දී තිබෙනවා.