hit counter

2025 සැප්‍තැම්‍බර් මස 03 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:04



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මහ බක පණ්ඩිතයෙක් බවත් ගෝඨාභය කියන නමවත් තමාට හරිම අප්පිරිය බව පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයට පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසා සිටියේ,

“ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මහ බක පණ්ඩිතයෙක්නේ. ගෝඨා කියන නමවත් මට හරිම අප්පිරියයි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මගෙ ඉඩම් කෑල්ලටත් කෙලපු මිනිහනේ ඕකා. ආයෙ කතා කරන්න දෙයක් නෑ.

මගෙ ඉඩම් කෑල්ල ගොඩකරගන්න ගියාට පස්සේ මොකද කීවේ, අපි දෙන්නෑ කීවා. දැන් ඒ ඉඩම් කෑල්ලේ ගහලා ගෙවල්. ඉතින් ඒ වගේ මිනිහෙක් නේ.

තරහකට නෙමෙයි මහත්තයෝ, කොහෙවත් යන නයි රෙදි ඇතුලේ දාගෙන කනවා කනවා කියලා මිනිහ⁣මනේ කාගෙන ගියේ. මම කවදාකවත් හොදයි කියන්නේ නෑ.

ඉඩම් ඕනිනම් ගන්න තිබුණා, ඔහොම නෙමෙයි මහින්දගෙන් ගන්න තිබුණා, රනිල්ගෙන් ගන්න තිබුණා. නමුත් අපිට අයිති දේවල් අපි ඉල්ලා ගන්නවා.

ගොඩකිරීමේදී අර අවශ්‍ය ලිපිය ගන්න ගියාම කිවුවේ. මතක තියාගන්න, ගෝඨා ආවත්, කවුරු ආවත් සිංහලයා වෙනුවෙන් කතා කරන්න එකම නායකයෙක් නෑ.”