hit counter

2025 නොවැම්‍බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 02, පෙ.ව. 12:22



සහල් මාෆි­යා­වට ඉඩ නොදී සහල් බෙදා හැරීම සඳහා සහන ක්‍රම­යක් ඇති කිරී­මට රජය පිය­වර ගත යුතු බව බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.

ජන­සෙත පෙර­මුණේ පක්ෂ කාර්යා­ල­යේදී මාධ්‍ය හමු­වේදී උන් වහන්සේ මේ බව සඳ­හන් කළහ.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක් වූ උන් වහන්සේ මෙසේ ද කීහ.

“මේ වෙන­කොට වෙළෙ­ඳ­පොළේ කීරි සම්බා නැහැ කියලා ජන­තාව චෝදනා කර­නවා. සහල් මාෆි­යා­වට ඉඩ දෙන්න එපා කියලා මම වෙළෙඳ ඇමැ­ති­ගෙන් ඉල්ලා සිටි­නවා. මේ කීරි සම්බා මාෆි­යා­වට ඉඩ දෙන්න එපා. සහල් මාෆි­යා­වට ඉඩ දෙන්න එපා.ඒ වගේම ගොවි ජන­තා­වගේ ප්‍රශ්න හඳු­නා­ගෙන ගොවි­යාට ප්‍රමු­ඛ­තාව දෙන්න රජය පිය­වර ගත යුතුයි.ගොවි­යාගේ කර උඩින් රජය පිහි­ටෙ­ව්වත් ගොවීන්ට මේ වෙන­කම් රජ­යෙන් කිසි සහ­න­යක් දීලා නෑ කියලා ගොවියා චෝදනා කර­නවා. කීරි සම්බා සහ අනෙ­කුත් සහල් සහන ක්‍රම­යට දෙන්න පිය­වර ගන්න කියලා අපි රජ­යෙන් ඉල්ල­නවා” යැයි කීහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: