hit counter

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 14, පෙ.ව. 12:09



මුළු රටටම විදුලි බලය බිඳවැටීමක් වැනි දෙයක් විදෙස් රටක සිදුවුණේ නම් අනිවාර්යයෙන්ම එරට විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්වන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරත්න හිමි පවසයි.

“ඇතැම් අය බලය ගත්තේ ලංකාවම හදනවා කියලා. ලංකාව ස්වයංපෝෂිත කරනවා කියලා. දැන් මේ වසර 77 කින් පස්සේ වඳුරෝ සහ රිලව් ඇමති පදවි ලබලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට 1948න් පස්සේ ශ්‍රී ලංකා මාතෘභූමිය තුළ රිලව් ඇමතිවරු ඉන්නවා, වඳුරු ඇමතිවරු ඉන්නවා. කවුද, බලශක්ති. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙකු වශයෙන් රිලව් රංචුවක් ඉන්නවා.

දැන් මේ වසර 77 කින් පස්සේ තමයි මේ වඳුරයි රිලවයි ගිහිල්ලා මුළු ලංකාවටම සියලුම ප්‍රදේශවලට විදුලිය නැති කෙරෙන්නේ. මේකෙ වගකීම බාරගන්න කිසිම කෙනෙක් නෑ. ඇතැම් ඇමතිවරු කියනවා අපි ඒක සුළු දෙයක් හැටියට සලකනවා, එවැනි දේවල් වෙන්න තිබුණා, පහුගිය රජයෙනුත් වුණා,
ඇමතිවරු ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ කියලා. නමුත් විදේශ රටක නම් මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් අනිවාර්යයෙන් ඇමතිවරයා ඉල්ලා අස්වෙලා සුදුසු ආසනයකට යනවා. අපේ ශ්‍රී ලංකා මාතෘභූමියෙ පසුගිය රජයත් එකයි, වත්මන් රජයත් එකයි, ඔක්කොම ටික සෙල්ලම් කරන්නේ ජනතාවත් එක්ක.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: