2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:06
මෙතෙක් කල් නීතියට උඩින් සිටි වික්‍රමසිංහලා,රාජපක්ෂලා,ප්‍රේමදාසලා,චන්ද්‍රිකාල මේ වන විට නීතිය යටට ගෙනවිත් ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
වත්මන් ආණ්ඩුවට ලැබී ඇති ජන වරම අනුව නීතිය සාධාරණව සහ සැමට සමානව පැවතීම තහවුරු කර තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියා.
රටේ කිසිදු ප්‍රශ්නයකට එකතු නොවුණු අය රනිල් වෙනුවෙන් එකතු වෙන බව පෙන්වා එකතු වී සිටින්නේ රනිල් වික්‍රමසිංහට ක්‍රියාත්මක වූ නීතිය තමන් වෙතද පැමිණෙන බවට පවතින විශ්වාසය හේතුවෙන් යැයි ද අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.
අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ රත්නපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්,
”උසාවිය ඇප ලබාදෙන්නේ මේ රටේ තියෙන නීතිය අනුව. ඒ නිසා අපි හිතනවා අධිකරණය ඒ නීති රාමුව ඇතුලේ තමයි කටයුතු කරන්නේ. දැන් අපි ආණ්ඩුවක් කරනවා. ඒ ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා. ඒ ජන වරමේ ලොකු කොටසක් තමයි නීතිය සාධාරණව සහ සැමට සමානව පැවතීම. රනිල්ලා, රාජපක්ෂලා කියන්නේ කවදාවත් තමන්ට නීතිය ක්‍රියාත්මක වෙයි කියල හිතපු නැති පිරිසක්. අද ඒකනේ පුදුම වෙලා තියෙන්නේ. මිනිස්සුත් චුට්ටක් පුදුම වෙලානේ. මේ රටේ අප්‍රකාශිත නීතියක් තිබිල තියෙනවා රනිල්ලට උඩින් රාජපක්ෂලාට උඩින්. ප්‍රේමදාසලා නීතියට උඩින්. චන්ද්‍රිකාලා නීතියට උඩින්. අපිට ජනතාව ජනවරමක් දුන්නේ ඔක්කොම නීතිය යටට ගේන්න කියල. ඒක තමයි කරලා තියෙන්නේ. මේ තීන්දුව දෙන අධිකරණ නිලධාරියාට සැලකිය යුතු සමාජ බලපෑමක් ප්‍රෙෂර් එකක් හදනවා. හෙට කොළඹට එන්න කියනවා. අපි බය නැහැ. අපිට ඔය වගේ සිය ගුණයක් ගෙනියන්න පුළුවන්. එහෙම ගෙනියන්න ඕනේ නම්. මෙතන කොළඹට මිනිස්සු ගේන්නේ අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ…. රාජපක්ෂලාට පුරුදුයි කොහොමත් ශිරාණි බණ්ඩාරනයකලා දවසින් ගෙදර යවල. ඒ තුච්ජ, පරණ ජඩ දේශපාලන සංස්කෘතිය තමයි ගේන්නේ. කෙසේවෙතත් එවැනි අධම යුගයකට රට නැවත ගෙනියන්න දෙන්න එපා කියල ජනවරමක් අපිට තියෙනවා.”
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:02
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
27-08-25
27-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25