2023 මාර්තු 09, පෙ.ව. 9:50
බොරැල්ලේ සිරිසුමන හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (08) වරෙන්තු නිකුත් කළා.
අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයක් විභාගයට ගන්නා අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනි නොසිටි කඩවත වෑබඩ සමාධි අරණ විහාරස්ථානයේ වැඩ වාසය කරන සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගැනීමට මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළා.
තිළිණි ප්‍රියමාලි සමග මුදල් වංචාවකට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියකට අදාළව බොරැල්ලේ සිරිසුමන හිමියන් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබුණා.
මෙම නඩුවේ සැකකාරියක වන ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන විමර්ශන කටයුතුවලට සහාය නොදක්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට සහාය දක්වන ලෙසට ජානකී සිරිවර්ධන නමැති සැකකාරියට අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා, ඉදිරියේදී විමර්ශන කටයුතුවලට බාධා කරන බවට කරුණු අනාවරණය වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද ප්‍රකාශ කළා.
මෙම සිද්ධියට අදාළව දැනට ඇප මත මුදා හැර සිටින තිළිණි ප්‍රියමාලි, ඉසුරු ශම්මික බණ්ඩාර, කසුන් පෙරේරා, නල්ලසියා ජය මෝහන් යන සැකකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියා.
2024 දෙසැම්බර් 26, ප.ව. 7:12
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07