hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 03, ප.ව. 1:37



ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවේ පදිංචියට ගොස් එරට ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් සමාජ සේවා රන් සම්මාන දිනා ගත් එකොළොස් හැවිරිදි වොරන්ට් සනුහක් පින්නවලගේ , ශ්‍රී ලංකාවේ දිළිඳු ජනයාට සහ විශේෂයෙන්ම දුප්පත් පාසැල් සිසුන්ට අවශ්‍ය උපකරණ ලබා දීම සදහා ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 තරගකරුවන් සහභාගීත්වයෙන් පැවති  “කරුණාව හේතු කොට ගෙන අදහස් ප්‍රකාශ කිරීමේ තරගාවලියට සහභාගී වී එයින් ප්‍රථම ස්ථානය දිනා ගත් සනුහක් පින්නවලගේ , එයින් තමාට ලැබුණු විශාල මුදල් ත්‍යාගය මෙසේ ශ්‍රී ලංකාවේ දිළිදු ජනතාවට සහ විශේෂයෙන් දුප්පත් පාසැල් සිසුන් සදහා අවශ්‍ය පාසැල් උපකරණ පරිත්‍යාග කිරීම සදහා යෙදවීමට මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

ලෝකයේ මෙතෙක් පැවති යුද්ධ වල දී අසරණ වී සිටින ජනතාවට සනුහක් පින්නවලගේ සිදු කළ උදව් උපකාර සහ සත්කාර අගය කිරීම සදහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සනුහක් පින්නවලගේ වෙත රන් සම්මානයක් ප්‍රදානය කර තිබෙනවා.

සනුහක් පින්නවලගේ දෙමාපියන් ඇමෙරිකාවේ වෛද්‍යවරුන් ලෙස සේවය කරමින් සිටින අතර ඔවුන් මීට පෙර කොළඹ , මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වී සිට තිබෙනවා.

 සනුහක් පින්නවලගේ තම පියා සමග ඊයේ 02 දින රාත්‍රී 08.30 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.