hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 ජූලි 30, ප.ව. 8:33



කොළඹ රිජ්වේ ළමා රෝහලේ සිදුකරන ලද වකුගඩු සැත්කමක් වැරදීමෙන් පසුගියදා මියගිය තුන් හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදු කෙරුණා.

කොළඹ රිජ්වේ ළමා රෝහලේ සිදුකරන ලද වකුගඩු සැත්කමක් වැරදීමෙන් වයස අවුරුදු තුනයි මාස තුනක් වයසැති හම්දි ෆස්ලීන් නම් දරුවා ජීවිතයෙන් සමුගත්තේ ඉකුත් 27 වැනිදායි.

දරුවාගේ මෘතදේහය අපේක්ෂාවෙන් ඔහුගේ මව සහ ඥාතීන් ඊයේ මෙන්ම අදත් රෝහල වෙත පැමිණ සිටියත් එය ඔවුන් වෙත ලබාදීම ප්‍රමාද වුණා.

ඒ , දරුවා අවසන්වරට ප්‍රතිකාර ලැබූ රෝහල් වාට්ටුවෙන් ලැබිය යුතු වාර්තා කිහිපයක ප්‍රමාදයක් හේතුවෙන් බව දරුවාගේ ඥාතීන් පැවසුවා.

මියගිය හම්දි ෆස්ලීන්ගේ මව,

“ඊයේ ගියා අධිකරණයට යන්න එහෙට යන්න මෙහෙට යන්න රස්තියාදු කළා. ඊට පස්සේ අද ගන්න පුළුවන් කියලා උදේම ආවා මෙතනට. ඒ වුණාට තාම මගේ ළමයා මට දුන්නේ නෑ. දවස් 4ක්ම දැන් එයාව ශීතකරණේ දාලා තියෙන්නේ”

පැයකට ආසන්න කාලයක් නිවසේ තැන්පත් කර තිබුණු දේහය පසුව මාලිගාවත්ත මුස්ලිම් පොදු සුසාන භූමිය වෙත රැගෙන විත් භූමදාන කෙරුණා.