hit counter

2025 මාර්තු මස 23 වන ඉරිදා

2025 මාර්තු 21, පෙ.ව. 9:54



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා තෙක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී භාරත තෙන්නකෝන් මහතා සිය මුහුණුපොතේ වරින් වර සටහන් කිහිපයක්ම තබා තිබුණා.

සමාජ මාධ්‍ය ක්‍රියාකරී භාරත තෙන්නකෝන් මහතා සිය මුහුණුපොතේ තැබූ එක් සටහනක් පහතින්,

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි.,

මම මහත්මයාට යෝජනා කරනවා – මහත්මයා මේ අපෙන් ඇහුවාට මහත්මයාත් මහත්මයලගේ ලොකු මහත්මයා ඉන්න තැන ගැන හරියටම දන්නවා කියලා.

නමුත්., ඒ ඉන්න තැන පරීක්ෂා කරන්න තරම් ලංකාවේ පොලිසියට හයියක් නැති නිසා මහත්මයා ජනතාව සන්තෝස කරන්න මේ වගේ ප්‍රකාශ කරනවා කියලා.

මම දන්නවා මහත්මයා මේකට “පිළිගන්නේ නැහැ..” කියලා උත්තර දෙන බවත්.

නමුත් මහත්මයාට මම කරන මගේ යෝජනාවට මහත්මයාට විශ්‍රාම ගිහිං වුණත් උත්තර දෙන්න පුළුවන්. හරිය

මෙම සටහනට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා කමෙන්ටුවක් පළ කර තිබුණේ මෙලෙසිනුයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතිඥ බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට ඊයේ වාර්තා වුණා.

වාර්තාවලට අනුව, බුද්ධික මනතුංග පෞද්ගලික හේතූන් මත සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් වුණා.

මෙවන් පසුබිමක නැවත වතාවක් ඊයේ (20) භාරත තෙන්නකෝන් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ “වුණා” නෙවෙයි.,“වෙන්න” යනුවෙනුයි.

ඒ සඳහා නැවත වතාවක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නීතිඥ බුද්ධික මනතුංග මහතා කෙමෙන්ටුවක් පළ කර තිබුණේ මෙලෙසයි.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා යැවූ ලිපිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙතෙක් බාරගෙන නැතැයි ද වාර්තා වනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සිද්ධියේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සිය වගකීම ඉටු කරනු ලැබුවා.

මොහුගේ ඉල්ලා අස්වීමට එය ඍජුව බලපෑම් එල්ල කර තිබේද යන්න සම්බන්ධයෙන් යම් ප්‍රශ්නාර්ථයක් පවතිනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග 2024. 12. 16 දින සිට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළා.

2014.01.01 දින සහකාර පොලිස් අධිකාරිවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයට ඇතුළත් වූ ඔහු 2020.01.01 දින පොලිස් අධිකාරි තනතුරටත් 2024.01.01 වන දා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටත් උසස් කර තිබෙනවා.

මහනුවර, ත්‍රිකුණාමල යන කොට්ඨාසවල රාජකාරියේ යෙදීමෙන් පසු මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, පොලිස් මාධ්‍ය කොට්ඨාසය හා මහජන සම්බන්ධතා කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්‍ෂ, නීති කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා කන්තලේ කොට්ඨාස භාර නිලධාරියා ලෙසද බුද්ධික මනතුංග කටයුතු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: