hit counter

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06



පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙ දී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ විශේෂ බස් රථයක් තුළ සිදුකළ පරික්ෂා කිරීමෙන් මත්ද්‍රව‍ය භාවිත කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ වන සහ පිළියන්දල නගරය හරහා ධාවනය වන පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව‍ය පානය කර ඇතිදැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිලියන්දල පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි. මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරික්ෂා කිරීම් රටතුල නිරන්තරයෙන් හදිසියේ සිදුවන අතර එසේ යම් පුද්ගලයෙක් හසුවුවහොත් අදාළ බස් රථය හිමිකරුගේ බලපත්‍රයද තහනම් වේ.

එබැවින් තමාගේ හා ජනතාවගේ ආරක්ෂාව සිහියේ තබාගෙන බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් නිත්‍යානුකුලව හා න්මනා විනයකින් කටයුතු කිරීම අවශ්‍ය වන අතර බස් රථ හිමියන්ද තමන්ගේ සේවකයන් පිළිබදව සොයා බැලීම අත්‍යාවශ්‍ය වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: