hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 10, ප.ව. 7:42



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්රථ කාලසටහන් පළමුවරට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

ඒ අද (10) ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීයි

මේ අනුව ලංගම දුරගමන් සේවා බස්රථ කාලසටහන මඟින් අද (10) සිට මගීන්ට ඉතා පහසුවෙන් 1315.lk වෙබ් අඩවියෙන් හා 1315.lk ජංගම යෙදුම ඔස්සේ සේවාව ලබාගත හැකියි.

එමෙන්ම මෙම ජංගම යෙදවුම ඔස්සේ තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කරවාගැනීමේ හැකියාව පවතින අතර දිවයිනම ආවරණය වන පරිදි බස්රථ 1200 කට අධික ප්‍රමාණයක් සඳහා මෙලෙස ආසන වෙන් කිරීමේ හැකියාව ඇති බව සඳහන්.

ආසන වෙන් කිරීමෙන් පසු e-ticket ලෙස sms, email මඟින් ටිකට පත ටිකට් පත ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව දිවයින පුරා පිහිටි 40 කට අධික ප්‍රධාන බස්නැවතුම්පොළවල පිහිටුවා ඇති කවුන්ටර් මඟින් මෙන්ම භාෂා ත්‍රිත්වයෙන්ම, පැය 24 පුරා ක්‍රියාත්මක 1315 ක්ෂණික ඇමතුම ඇමතීම මගින් මෙම සේවාව ලබා ගැනීමේ හැකියාව පවතිනවා

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ; “e-ticketing ක්‍රමය-බස්රථ තුළ මුදල් භාවිතයෙන් තොරව ගමන්කිරීමේ ක්‍රමවේදය, e-motoring ක්‍රමය හා තාක්ෂණික භාවිතාව අනිකුත් සෑම අංශවලටම යෙදවීමට කටයුතු කරන බවයි.

Example Image