hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 මාර්තු 02, පෙ.ව. 5:03



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා.

එම සිසුවිය පෙරේදා (28) රාත්‍රී ඇය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය තුළ කිසියම් රෝගී තත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (01) පෙරවරුවේ මියගොස් තිබෙනවා.

ඇය ලබා ගත් ඖෂධ විෂ වීමක් ද නැතිනම් වැඩි මාත්‍රාවක් ලබා ගැනීම නිසා මෙම මරණය සිදු වී ඇත්දැයි දැනගැනීමට පරික්ෂණ සිදුකරනවා.

මියගිය ශිෂ්‍යයාව විනෝදි ද සිල්වා නැමැති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇය කලක් තිස්සේ  ආතතියට ප්‍රතිකාර ලබාගත් ශිෂ්‍යාවක් බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කළා.