2023 ජූනි 20, පෙ.ව. 3:44
ඉකුත් මාස 08 ක පමණ කාලයක් තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනකු සිය දිවි හානිකර ගෙන තිබෙනවා.
මෙයින් සිසුන් හතරදෙනෙකුම ඉංජිනේරු පීඨයේ වීම විශේෂත්වයක්.
මීට අමතරව තවත් සිසුන් සිවුදෙනෙකු සිය දිවි හානිකර ගැනීමට තැත් කළ අතර ඒ සියල්ලට හේතු වී තිබුණේ සමාජ සම්බන්ධතා නොමැතිවීම බව තහවුරු වී තිබුණා
මේ පිළිබඳ මහනුවර ජාතික රෝහලේ හිටපු මනෝ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා පොදුවේ විශ්වවිද්‍යාල දරුවන් බහුතරයකගේ අත්දැකීම් අවමවීම සහ දරාගැනීමේ ශක්තිය හීනවීමට හේතු වී ඇති බව පැවසුවා.
පාසල් සමයේ සිට දරුවන්ගේ හැකියාවන් හඳුනාගනිමින් ඔවුන් නිදහස් මානසික මට්ටමකින් විෂය කටයුතු හා විෂය බාහිර කටයුතු සඳහා යොමුකිරීමටත්, ක්‍රීඩා කටයුතුවල යෙදෙමින් ජය පරාජය එක ලෙස දරා ගැනීමටත් හැකි ලෙස කටයුතු කිරීමට ඉඩ සලසන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව එම විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.
පොදුවේ විශ්වවිදයාල දෙස බලන විට බහුතරයක් සිසුන් තනිව කටයුතු කරගත නොහැකිව පීඩනයෙන් පෙළෙන බවත්, විභාග භීතිකාව මේ වනවිට ඇති වී තිබෙන බවත් කී ඒ මහතා දරුවන්ගේ මානසික නිදහස පිළිබඳව කුඩා කල සිටම දෙමාපියන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියා.
2025 ජනවාරි 22, ප.ව. 12:35
2025 ජනවාරි 22, පෙ.ව. 10:13
2025 ජනවාරි 22, පෙ.ව. 10:08
2025 ජනවාරි 22, පෙ.ව. 9:47
2025 ජනවාරි 22, පෙ.ව. 9:38