hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 08, පෙ.ව. 12:07



2023 වසරේ පැවති උසස් පෙළ විභාගය සමත්ව රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමට ප්‍රමාණවත් ලකුණු නොමැති සිසුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලින් උපාධි ලබා ගැනීමට වන ණය මුදල ඉහල දමා ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ පහළොවක් දක්වා මෙතෙක් ලබා දුන් ණය මුදල ඉහළ දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ලංකා බැංකුව මගින් මෙම ණය මුදල නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම ණය සඳහා ඉල්ලුම් කළ හැක්කේ උසස් පෙළ විභාගය වාර තුනකට නොවැඩි වාර ගණනකදී අදාළ සාමාර්ථ ලබාගෙන ඇති සිසු සිසුවියන්ට පමණි.

මෙම ණය මුදල පොලී රහිත එකක් වන අතර එය උපාධි පාඨමාලාව අවසන් වූ පසු වසරක සහන කාලයකින් පසු නැවත ගෙවීම ආරම්භ කළ යුතුව  තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: