hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 මාර්තු 26, ප.ව. 3:17



අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමේ ගැටී ඇත්තේ ශ්‍රී ලංකාව බලා එමින් සිටි නෞකාවක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Dali නම් එම බහාලුම් ප්‍රවාහන නෞකාව ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.

ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍යයෙහි සංසරණය වෙයි.

පාලම කඩා වැටීම හේතුවෙන් කිසිවෙක් හෝ තුවාල ලබා ඇතිබව මුලදී වාර්තා වී නොතිබුණද මේ වනවිට එම අනතුර හේතුවෙන් 7 දෙනෙක් පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

වාහන කිහිපයක් ගඟට වැටී ඇතැයි අනුමාන කෙරෙන අතර එම ස්ථානයේ සහන කණ්ඩායම් සිටින බව ද වාර්තා විය.