2023 මැයි 16, පෙ.ව. 9:51
විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ (15) පස්වරුවේ මහජන උපයෝගීතා කොමිසමට භාරදුන් බව වාර්තා වනවා.
රජයේ ප්‍රතිපත්ති තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම දෙවතාවක්, ජනවාරි 1 වැනිදා සහ ජුලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුකුලව එම යෝජනාව ඉදිරිපත් කළ බවත් විදුලිබල මණ්ඩලය එම යෝජනාව සකස් කිරීමේදී සත්‍ය විදුලිය ජනන දත්ත සහ විදුලිය විකුණුම් දත්ත, සත්‍ය ඉන්ධන, ගල්අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් යොදාගත් බවත් වාර්තා වනවා.
මෙම වසරේ විදුලි ජනන සැළසුම සහ විදුලි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එහි උපරිම ප්‍රතිලාභය, විදුලිය අඩු වශයෙන් භාවිතා කරන පාරිභෝගිකයන් වෙත ලබාදීම අරමුණු කර ගෙන එම යෝජනාව සකස් කළ ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග පැවසුවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06