hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 04, පෙ.ව. 12:02



විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට රතු නිවේදන නිකුත් කර ඇත.

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාවට රුපියල් ලක්ෂ 38ක ව්දුලි බිලක් මාසිකව ලැබෙන අතර හිග බ්ල්පත් ගෙවෙන ලෙස ව්දුලි බ්ල් පත සමග නිවේදනය ඒවා ඇතැයි ද නගර සභාවේ බලධාරියෙක් සදහන් කරයි.

තවද බලන්ගොඩ, ඇබිළිපිටිය නගර සභා හා සෙසු පළාත් පාලන ආයතන මෙම ගැටලුවට මුහුණ දි ඇති අතර පළාත් පාලන ආයතන වලට මෙම මුදල් ගෙවිමට හැකියාවක් නැති බැවින් වීදි ලාම්පු වල විදුලිය ව්සන්ධි නොකරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ව්දුලි බල මණ්ඩලයට දැනුම් දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: