hit counter

2025 සැප්‍තැම්‍බර් මස 19 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 5:56



ලංවිම ඉන්ජිනේරුවන් ඇතුළු සමස්ත සේවකයින් දෙවන දිනටත් අද (18) කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූවා.

විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිති අදටත් සටන් කරන්නේ, වත්මන් රජය විපක්ෂයේ සිටියදී සටන් කළ අරමුණු වෙනුවෙන් බව ලංකා විදුලි බල මණ්ඩලයේ තක්ෂණික ශිල්පීන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.

“මේ වෘත්තීය සමිති ඇතුළේ කිසි ම වෙලාවක දේශපාලන න්‍යාය පත්‍ර, දේශපාලන හඬ එන්නේ නැහැ. මේ හැමෝම කියන්නේ සාධනීය ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න කියලා. අතිගරු ජනාධිපතිතුමාට ගෞරවයෙන් සිහිපත් කරනවා ඔබතුමා තර්ජනය කරලා පීඩාවට පත් කරන්න උත්සහ කළත් ඔබතු මාලා විපක්ෂයේ ඉඳලා කියපු සටන් පාඨ වෙනුවෙන් තමයි අපි අදත් සටන් කරන්නේ. ඒ සටන් පාඨ වැරදි මග යන හින්දා තමයි අපි සටන් කරන්නේ.

“ඔබතුමාට දීලා තියෙන්නේ වැරදි දත්ත. ඒ වැරදි දත්ත සහ වැරදි තේරීම් මත තමයි ඔබතුමා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට සහ වෘත්තිය සමිතිවලට තර්ජනය කරන්නේ. ඒ නිසා බොහොම ගෞරවයෙන් මතක් කරනවා ඔබතුමා මොන තර්ජන, ගර්ජන අපිට යොමු කළත් අපිට ගන්න තියෙන පියවර ඉදිරියේදී අපි ගන්නවා.”