2026 මාර්තු 19, ප.ව. 2:11
අල්ලස් කොමිසම අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, එයාර් බස් ගනුදෙනුවෙන් ලැබුණු අල්ලස් මුදල් හිටපු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න වෙත ලබා දී තිබෙන බවයි.
අදාළ මුදල්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමටද යොමුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඊට අමතරව, 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව, රුපියල් මිලියන 20 බැගින් මුදල් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙන බව සැකකරු ප්‍රකාශ කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
2026 මාර්තු 22, පෙ.ව. 12:26
2026 මාර්තු 22, පෙ.ව. 12:25
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:17