hit counter

2025 ජූනි මස 30 වන සඳුදා

2025 ජූනි 30, පෙ.ව. 12:05



රජයේ රෝහල් රැසකම හිඟව පවතින අස්ථි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන දණහිස් ඇට උපකරණ හිඟව පවතින නිසා පුද්ගලික අංශයෙන් මිලට ගෙන ශල්‍යාගාරවලට රැගෙන එන ලෙස රෝගීන්ට පැවසීම දැන් සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

දණහිස මිලදී ගැනීම සඳහා රෝගියා විසින් අදාළ ඖෂධ සමාගමට රුපියල් ලක්ෂ තුනහමාරකට අධික මුදලක් ගෙවීම සිදුකළ යුතු වන බවයි ඔහු පවසන්නේ.

ඉන්පසුව සමාගමේ නියෝජිතයින් විසින් අවශ්‍ය කරන උපකරණය ශල්‍යාගාරයට ගෙනවිත් බාර දීම සිදුකරන බව චමල් සංජීව මහතා පෙන්වාදෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මගින් ස්නායු ශල්‍ය වෛද්‍ය උපකරණ අලෙවි කිරීම හා මෙම ක්‍රියාව අතර වැඩි වෙනසක් නොමැති බව වෛද්‍යවරයා සඳහන් කළා.

වෛද්‍යවරයා තවදුරටත් පෙන්වාදෙන්නේ , මෙරට වෛද්‍ය සැපයුම් ජාලය ඇතුලේ ඖෂධ හිඟය, ශල්‍ය උපකරණ හිඟය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රෝහල් අධ්‍යක්ෂවරු වග කියන සැපයුම් ජාල භාර අධ්‍යක්ෂකවරුන්, නිසි පරිදි ඇස්තමේන්තු සකස් නොකිරීමෙන් අද ජාවාරම්කාර ඖෂධ මාෆියාවට සහ ශල්‍ය උපකරණ මාෆියාවට ඉතා පහසුවෙන් රෝගීන්ව බිලිගැනීමේ අවස්ථාවක් හිමිව ඇති බවයි.

නිසි ප්‍රසම්පාදනයෙන් මෙම වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දක්වා කටයුතු නොකිරීම හේතුවෙන් කාලයක් තිස්සේ පැවත එන මෙම ජාවාරම මෙරට බොහෝ ප්‍රධාන රෝහල්වල ඉතාම සාර්ථකවත් ලෙස සිදුවන බවද චමල් සංජීව මහතා අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චමල් සංජීව මහතා :

“අපේ රටේ වෛද්‍ය සැපයුම් ජාලය ඇතුලේ ඖෂධ හිඟය, ශල්‍ය උපකරණ හිඟය නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රෝහල් අධ්‍යක්ෂවරු වග කියන සැපයුම් ජාල භාර අධ්‍යක්ෂකවරුන්, නිසි පරිදි ඇස්තමේන්තු සකස් නොකරන නිසා අද ජාවාරම්කාර ඖෂධ මාෆියාවට සහ ශල්‍ය උපකරණ මාෆියාවට ඉතා පහසුවෙන් රෝගීන්ව බිලිගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.

එක උදාහරණයක් තමයි ඒ අදාළ අස්ථි ශල්‍ය ක්‍රම සඳහා භාවිතා කරන උපකරණ පහුගිය කාලේ මුළුල්ලේම හිඟයක් පවතිනවා.

දැන් සිද්ධ වෙන්නේ රෝගියාට රෝහලෙන් ලියලා දුන්නම, අවශ්‍ය කරන උපකරණය, රෝගියා ඒ සල්ලි බැන්දට පස්සේ අදාල සමාගමේ ඒජන්තවරයාට සල්ලි බැන්දට පස්සේ ඒ ඒජන්තවරයා තමයි අදාළ උපකරණය කෙළින්ම ශල්‍යාගාරයට ගෙනල්ලා දෙන්නේ.

නිසි ප්‍රසම්පාදනයෙන් මේ උපකරණ මිලදී ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා කටයුතු නොකිරීම නිසා කාලයක් තිස්සේ පැවත එන මේ ජාවාරම ලංකාවෙ බොහෝ ප්‍රධාන රෝහල්වල ඉතාම සාර්ථකවත් විදිහට සිද්ධ වෙනවා.

අද දණිස් ඇටයක් කෘතිමව බද්ධ කරනවනම් ලක්ෂ තුනහමාරක් විතර මුදලක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා.

දක්ෂ තුනහමාර හතර කියන එක කොළඹ ඉන්න මැති ඇමතිවරුන්ට,අමාත්‍යංශ නිලධාරීන්ට සුළු ගානක් උනාට ඇවිදගන්න බැරි දුප්පත් අසරණ අම්මට ,තාත්තට ඒක දරාගන්න බැරි මුදලක්.

ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා, මේ අස්ථි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන උපකරණ හිඟය ඉතාමත් දැඩිව පවතින නිසා මේ ගැන අනිවාර්යයෙන්ම අවධානයට ලක් කළ යුතුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: