2025 ජූලි 19, පෙ.ව. 12:09
අන් කවරදාටත් වඩා සෞඛ්‍ය සඳහා ඉතිහාසයේ වැඩම මුදල පසුගිය අය වෙන් වෙන් කළ බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළත් එම වෙන් කරන ලද මුදල් නිසි පරිදි නායකත්වය සහ කළමනාකරණය ලබාදීමෙන් මහජනතාවට සේවයක් සඳහා භාවිතා කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යංශය අසමත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සඳහන්ය සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
මෙම ආණ්ඩුව බාරගන්නා විට පැවති තත්ත්වයටත් වඩා මේ වන විට සෞඛ්‍ය අර්බුදය උග්‍ර වී ඇති බවත්, ඖෂධ හිඟය ශල්‍ය උපකරණ හිඟය මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආණ්ඩුව කෙරෙහි වන විශ්වාසය බිඳ වැටීම ඉතා නරක ලෙස නිදහස් සෞඛ්‍යයට බලපාන බව ඔහු සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහල වැනි ප්‍රධානතම රෝහල්වල පවා ඖෂධ හිඟය උග්‍ර වී ඇති අතර හදිසි හෘදයාබාධ නිර්ණය කිරීමේ පරීක්ෂණ පවා නතර වී තිබීම කණගාටුවට කරුණක් බව ඔහු සඳහන් කරයි.
මෙයට අමතරව සිටී ඇන්ජීයෝ ග්‍රෑම් පරීක්ෂණ ද බොහෝ රෝහල්වල එම්.ආර්.අයි පරීක්ෂණද සිදු කිරීමේ වේගය අඩු වී ඇත .
එසේම වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තයවේදීන් දැඩි ලෙස නීතිමය ගැටලුවලට මුහුණ පෑමත් සමග ඉදිරි කාලයේදී නැවත වරක් වෛද්‍යවරුන් විදේශගත වීම ඉහළ යා හැකි බවත් දැනටමත් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර ආරම්භ කිරීම සහ කළුතර මාතෘ හාල් ළමා රෝහල ආරම්භ කිරීමද වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පතේ හිඟය මත දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.
2025 ජූලි 19, පෙ.ව. 12:11
2025 ජූලි 19, පෙ.ව. 12:10
2025 ජූලි 19, පෙ.ව. 12:09
2025 ජූලි 19, පෙ.ව. 12:05
2025 ජූලි 19, පෙ.ව. 12:05
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
15-07-25
15-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25