2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:06
දියුණු මට්ටමක පැවැති මෙරට සෞඛ්‍ය පද්ධතිය බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී තිබෙන බැවින් ශල්‍යකර්මයකදී අවශ්‍ය කෙරෙන මහන නූලද රෝගියාට ගෙනියන්න සිදුවෙලා යැයි සමගි ජන බලවේගය රත්මලාන ආසන සංවිධායක සහ දෙහිවල-ගල්කිස්ස නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. එම ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
වසර 76 ක සාපයක් යටතේ රටේ දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණ බව වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය දියුණු මට්ටමකට ගමන් කරන්න රටේ සිටි දේශපාලන අධිකාරීන්, නිලධාරින්, සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සිදුකළ කැපකිරීම ඉතා විශිෂ්ඨ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය හරහා පිළිගන්න ආණ්ඩුවට සිදුවෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය ආණ්ඩුවට එරෙහි පාරා වළල්ලක් බවට පත්වී තිබෙනවා. රටේ සෞඛ්‍ය පද්ධතීන්වල දියුණුව රටේ සිටි ආණ්ඩු, මහජනතාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජාත්‍යන්තර වශයෙන් තිබෙන සංවර්ධන දර්ශක, සහශ්‍ර සංවර්ධන අරමුණු එකතු කරගෙන රටේ සෞඛ්‍ය පද්ධතිය තිබෙන තත්ත්වයට ගෙන ඒමට සමත් වී තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව සිදුකළ 76 වසරක සාපය පිළිබඳ ප්‍රකාශය මුලින් උපුටා දමන්න ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
මෙවැනි දියුණු මට්ටමක පැවැති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය බරපතල ප්‍රශ්න රැසකට මුහුණදී තිබෙනවා. මේ වන විට කොළඹ ජාතික රෝහල ඇතුළු ලංකාවේ වකුගඩු රෝහල්වල කාන්දුපෙරණය බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්ට අවශ්‍ය කරන ශල්‍ය උපකරණවල හිඟයක් තිබෙනවා. වකුගඩු රෝගින් මුහුණ දී තිබෙන මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳන බව සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා. නමුත් තවමත් වකුගඩු රෝගින්ට අවශ්‍ය එන්නත් කටු ලබාදීමේ යාන්ත්‍රණය සෑම රෝහලකම සියයට සියයක් සම්පූර්ණ කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබී නැහැ. ඒ වගේම රෝහල්වල අධ්‍යක්ෂකවරු සහ ඖෂධවේදීන් ඔවුන්ගේ රෝහල්වල නොමැති ඖෂධවල ලේඛන නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව රෝහල්වල ඖෂධ 100 ත් 200 ත් අතර ප්‍රමාණයන් නොමැති බව මෙම ලේඛනවලින් පැහැදිලි වෙනවා. එම ඖෂධ අතර ජීවිතාරක්ෂක ඖෂධ පවතින බවද වාර්තා වෙනවා. හිමෝෆිලියා රෝගීන්ට ලබාදෙන ඖෂධ,ඉන්ෆුල්න්සා රෝගීන්ට ලබාදෙන ඖෂධ, ශ්වසන ආබාධ සහිත රෝගීන්ට ලබාදෙන ඖෂධ,හදිසි හෘදයාබාධ රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක් රෝහල්වල තිබෙන බව රෝහල්වලින්ම පිළිගෙන තිබෙනවා. ඒ වගේම මෙම ඖෂධ බාහිරින් මිලදී ගන්න ආණ්ඩුවට සිදුවෙලා තිබෙනවා. එසේ නැතිනම් ධානපතියන්ගෙන් එම ඖෂධ ඉල්ලන්න රෝහල්වලට සිදුවෙලා තිබෙනවා. ඒ වගේම ශල්‍යකර්මයකදී මහන නූලද රෝගියාට ගෙනියන්න සිදුවෙලා තිබෙනවා.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළ සෞඛ්‍ය පද්ධතිය තිබෙන තැනින් ඉදිරියට ගෙන යන්න වර්තමාන ආණ්ඩුවේ පරිපාලනය සමත් වෙනවාදැයි බරපතල ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ඒ වගේම හදවත් සැත්කම්වල පෝලිම 2029-2030 වනතුරු දිගු වී තිබෙනවා. හෘද සැත්කම සඳහා රෝගීන්ට දින ලැබෙන විට රෝගියා මියගොස්. මුදල් තිබෙනවා නම් හෘද සැත්කම් පෞද්ගලික රෝහල්වලින් සිදුකර ගන්න හැකියාව තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දුප්පත්භාවය මේ වනවිට වැඩ වී තිබෙනවා. රටේ ජනතාවගේ සියයට 25 ත් 35 ත් අතර ප්‍රමාණයක් දුප්පත්භාවයට ගොදුරු වෙමින් තිබෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රටේ මහ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ බරපතල අර්බුදයකට ගමන් කර තිබෙනවා.
ඒ වගේම කොළඹ ජාතික රෝහලේ අති විශාල අඩුපාඩු ප්‍රමාණයක් තිබෙනවා. වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීමේ සඳහා රෝගීන්ට විශාල දිගු පොලිම්වල රැඳී සිටීමට සිදුවී තිබෙනවා. ඒ වගේම පරීක්ෂණවල ප්‍රතිඵල කඩිනමින් රෝගීන්ට ලබාදීමට නොහැකි වී තිබෙනවා. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුවේ පළමු වසර තුළ මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදන්න නොහැකි වී තිබෙනවා. රටේ සෞඛ්‍ය පද්ධතිය තිබුණ තැනින් එහාට සෞඛ්‍ය පද්ධතියේ ඉදිරි පියවරක් තබන්න ආණ්ඩුවට අසමත් වී තිබෙනවා. ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණය ඉදිරියට ගෙන යන්න ආණ්ඩුව අසමත් වී තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:14
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:04
16-10-25
16-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
13-10-25
11-10-25
11-10-25
10-10-25
10-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25